[vc_row][vc_column][vc_single_image image=”1069″ img_size=”medium” alignment=”center” style=”vc_box_circle”][vc_cta h2=””]

ගංඟා එන්නකෝ ගංඟා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර
බලා සිටිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ

ගංඟා එන්නකෝ ගංඟා…

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහලුව
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ

ගංඟා එන්නකෝ ගංඟා…

ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න

[/vc_cta][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!