[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469290102804-1a0ad17a-f8f0-2″ include=”1159″][vc_column_text]

සිහිනයකි ඔබ

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවුණා

සිහිනයකි ඔබ…..

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොඳුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුළ
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සඳුත් නැත තනි වී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යළිඳු අප හද ළං වෙලා

ගායනය - නිරංජලා සරෝජිනී  
         බණ්ඩාර අතාවුද
සංගීතය - එච්.එම් ජයවර්ධන
ගී පද - කුසුම් පීරිස්

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!