ආරාධනා….. ආරාධනා….
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න‍ෙ

ආරාධනා….. ආරාධනා…

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ…
කාලයෙ වෙරළේ…
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා

ආරාධනා….. ආරාධනා….

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ…
යළිඳු උපන්නෙම්…
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා

ආරාධනා…. ආරාධනා….

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව

පද රචනය : කුලරත්න ආරියවංශ

සංගීතය : රෝහණ වීරසිංහ

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!