[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1478052518298-a58ad6be-a907-5″ include=”2087″][vc_column_text]

ඔයාට රත්නේ

ඔයාට රත්නේ මං ආදරේ
රඟන්නේ එකයි විනෝදයේ

මොණරා මෙන්න මේ ලෙසේ
කියා රඟයි මගේ ප්‍රියේ

ඔයාට රත්නේ මං ආදරේ....

පුංචි පුංචි මල් පිපීලා 
හරිම ලස්සනයි
රංචු රංචු බඹර රාසි 
ඒ වටේ දුවයි

රොන් උරන්න රොන් උරන්න 
තවත් පැණි පිරෙයි
ආදරේට ආදරේම 
එක් වුණා වගේ

ඔයාට රත්නේ මං ආදරේ...

පුන් සඳේ කැළුම් වැදීලා 
රන් ගොයම් නැටෙයි
තාරකා දිලෙන්නෙ ඈගෙ 
නෙත් කුසුම් වගේ

සුන්දරීගේ මුණ වාගෙ 
රත් පියුම් දිලේ
ආදරේ කියන්න ඔබට 
මේ පැයේ අගේ

ඔයාට රත්නේ මං ආදරේ...

පද රචනය: ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය: පැට්‍රික් දෙණිපිටිය
ගායනය: සී. ඩී. ෆොන්සේකා

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!