තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන ස්ව‍රයේ සප්ත වර්ණ
සිත ළඟ ගයනවද ඔයා

තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැ‍ඳවෙනා
සිනමා පටයෙ රැඳෙන සුන්දර සිහින රැඟුම
සිත ළඟ රඟනවද ඔයා

නෙතගට කඳුළ ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා

තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා

තුන් සිත දැහැන් ගතවෙනා...

පෙම්බර වදන් වැල් විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා

සුන්දර අදහසක් තියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා

තුන් සිත දැහැන් ගතවෙනා...

ගායනය - නීලා වික්‍රමසිංහ
         කමල් අද්දරආරච්චි
Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!