[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469284190398-85352802-887c-0″ include=”1208″][vc_column_text]

උඳුම්බරා හිනැහෙනවා

උඳුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුළු වැහි වැහැලා
ගිනි ගෙන රත්වුණු දවසක
සැනසෙන එක සැන්දෑවක

මුහුදු කොනේ  සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උඳුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසා ගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ

කිරිසල් කිරි උඳුම්බරා
සිනා කඳුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා...........
හඳුනාගත්තොත් ඔබ මා

ඒ මොහොතෙම එක හුස්මක
ඉපදෙනවා ගිනි රශ්නය
සීතලෙන්
හඳුනාගත්තොත් ඔබ මා

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය

උඳුම්බරා...........
කඳුළු සලයි

ගායනය - ටී. එම්. ජයරත්න
         සුනිලා අබේසේකර
         අයිවෝ ඩෙනිස් ඇතුළු පිරිස
පද රචනය- ඩබ්ලිව්. ජයසිරි
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!