[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469292381768-9c8d43c9-fe8d-6″ include=”1186″][vc_column_text]

උඳුම්බරා හිනැහෙනවා

උඳුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුළු වැහි වැහැලා
ගිනි ගෙන රත්වුණු දවසක
සැනසෙන එක සැන්දෑවක

මුහුදු කොනේ  සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උඳුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසා ගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ

කිරිසල් කිරි උඳුම්බරා
සිනා කඳුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා...........
හඳුනාගත්තොත් ඔබ මා

ඒ මොහොතෙම එක හුස්මක
ඉපදෙනවා ගිනි රශ්නය
සීතලෙන්
හඳුනාගත්තොත් ඔබ මා

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය

උඳුම්බරා...........
කඳුළු සලයි

ගායනය - ටී. එම්. ජයරත්න
         සුනිලා අබේසේකර
         අයිවෝ ඩෙනිස් ඇතුළු පිරිස
පද රචනය- ඩබ්ලිව්. ජයසිරි
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

[/vc_column_text][vc_media_grid grid_id=”vc_gid:1469292641187-d5af872c-a240-5″ include=”1186″][vc_column_text]

අඳුරු කුටිය තුළ

අඳුරු කුටිය තුළ - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ

පොළව කොටන තැන 
පාර තනන තැන
ගිනියම් අව්වේ  
මහ වරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ

බලන් කඩතුරා හැර දෑසේ

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ

අඳුරු කුටිය තුළ....

කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගත නැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ

අඳුරු කුටිය තුළ....

ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469292381770-454d7a73-f9ee-8″ include=”1186″][vc_column_text]

අම්මා සඳකි

ම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුණේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

ගායනය - ටී.එම්.ජයරත්න
පද රචනය - මාලනී ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

 

[/vc_column_text][vc_media_grid grid_id=”vc_gid:1469292487712-38538e43-b034-4″ include=”1186″][vc_column_text]

සොඳුරු අතීතයේ

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇති
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති

සොඳුරු අතීතයේ...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති

සොඳුරු අතීතයේ...

ගායනය - ටී.එම්.ජයරත්න
පද රචනය - මාලනී ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!