[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469291730330-993f1e65-3c52-0″ include=”1148″][vc_column_text]

හිම දියවී හිමාලයේ

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ
පීණන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා

හිම දියවී හිමාලයේ...

ගායනය - අමරසිරි පීරිස්  
         වසන්තා තිලකාංගනී
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!