දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉදහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

දවසක් දා බෝ මලුවේ
හමුවූ දා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ

භවෙන් භවය පෙර ආවා සේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාතී දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉදහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

 

 

 ගායනය – ටී. එම්. ජයරත්න /ලතා වල්පොල

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!