සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි ඔමරි හිනාවයි ඔමරි හිනාවයි සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ සමනළ ගමන් ලතාවේ සැණකෙළියේ සඳ එළියේ... මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ කාගෙද කවුදෝ දන්නේ ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ අද රෑ විනෝද වන්නේ සැණකෙළියේ සඳ එළියේ... නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ... සැණකෙළියේ සඳ එළියේ... ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන පද රචනය - සිරිල් ඒ සීලවිමන