දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉදහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
දවසක් දා බෝ මලුවේ
හමුවූ දා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ
භවෙන් භවය පෙර ආවා සේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාතී දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉදහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ