ඉන්දියාව තුළ නව කොරෝනාවෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ඉන්දියාව ඇතුළු ඒ ආසන්නයේ පිහිටි  බංගලාදේශ හා ශ්‍රී ලංකාව යන රටවල්වලට සංචාරක තහනම් නියෝග ක්‍රියාත්මක කිරීමට ඉතාලි රජය කටයුතු කොට ඇත.

මෙහිදී දකුණු ආසියාවේ මෙම රටවල් තුනෙහි  සිට පැමිණෙන ඉතාලි පුරවැසියන්ට ඉතාලියට ඇතුළු වීමට තහනමක් නොමැත. ඉතාලියට ඇතුළුවන සියලුම පුද්ගලයින්  ඉතාලි රජය විසින් පනවා ඇති නිරෝධායන නීති රීති පිළිපැදීම අනිවාර්ය වේ.

ඉන්දියාවේ පැතිර යන නව කොරෝනාවෛරස ප්‍රබේදය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඉතාලි සෞඛ්‍ය අංශ විසින් මෙම පියවර ගනු ලැබුණි. එම රටවල් තුනට පැනවුණු සංචාරක තහනම අප්‍රේල් 29 වෙනිදා සිට මැයි 15 වැනිදා දක්වා වලංගු වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!