ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..
ඔරුවට ගොඩවී මා එනවා..
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
නළ රැලි මත නැඟිලා එනවා….//

වැල්ලේ පාවී වැල්ලේ බිහිවන
සංගීතෙන් අප හමුවෙනවා…//
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සාගර ජල කඳ නැලැවෙනවා….

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්…

මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා…//
මගේ අනාගත පැතුම් විමානෙට
මගේ අනාගත පැතුම් විමානෙට
සෙනෙහස පොදි බැද ගෙන එනවා….

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..
ඔරුවට ගොඩවී මා එනවා..
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
නළ රැලි මත නැඟිලා එනවා…
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..

ගායනය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
“ගැටවරයෝ“ චිත්‍රපටයේ ගීතයක්

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!