වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය – Public Health Agency of Canada (PHAC) සඳුදා (17) ප්‍රකාශයට පත් කරන ලදී.

මෙතෙක් එම තනතුරේ කටයුතු කළ මේජර් ජනරාල් Dany Fortin වෙත වසර 30 කට වඩා පැරණි ලිංගික විෂමාචාර චෝදනාවක් එල්ල වීමත් සමග එම  තනතුරෙන් ඔහු හදිසියේම ඉල්ලා අස් විය. පසුගිය නොවැම්බර් මාසයේදී කැනඩාවේ කොවිඩ්-19 එන්නත් මෙහෙයුම් හා සේවා කටයුතු පිළිබඳ උප සභාපති ලෙස මේජර් ජනරාල් Dany Fortin ව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියට අනුයුක්තව පත් කරන ලද්දේ අගමැති ජස්ටින් ටෘඩෝ විසිනි.

කැනඩාවේ එන්නත් වැඩපිළිවෙළේ වත්මන් උප සභාපති තනතුරට පත් බ්‍රිගේඩියර් ජෙනරාල් Brodie කැනඩාවේ එන්නත් වැඩපිළිවෙළ ආරම්භ වූ දා සිට එය සාර්ථක කර ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදුකොට ඇත. මේජර් ජනරාල් Dany Fortin ගේ ප්‍රධානත්වයෙන්  මෙහෙයුම් සැපයුම්කරුවන්, ඖෂධවේදීන්, සෞඛ්‍ය සේවා පරිපාලකයින්, ඉංජිනේරුවන් සහ තොරතුරු තාක්ෂණවේදීන් ඇතුළු කැනඩා හමුදාවේ ප්‍රවීණයින් 30 කට ආසන්න පිරිසක් සමග බ්‍රිගේඩියර් ජෙනරාල් Brodie එන්නත් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුයුක්තව කටයුතු කිරීම සඳහා PHAC විසින් නම් කොට තිබුණි.

බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie 1989 දී Royal Roads Military College වෙතින් හමුදා උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කැනේඩියානු සන්නද්ධ හමුදා සේවයට බැඳී ඇත. නේටෝ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව ක්‍රොඒෂියා, බොස්නියා සහ ඇෆ්ගනිස්තාන් හි හමුදා සේවාවන්වල යෙදී ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!