ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ චින්තන ජයසේන මහතා (අවුරුදු 68) අගෝස්තු 2 දා අභාවප්‍රාප්ත විය.

සිනමා හා කලා පුවත්පත් ගණනාවක නිර්මාතෘ වරයා වන ඒ මහතා දේශපාලන පුවත්පත් කීපයක්ද බිහි කොට ඇත.  ලංකාවේ වැඩිම දේශපාලන හා සිනමා පත්‍ර ප්‍රමාණයක කතෘත්වය උසුලා ඇති චින්තන ජයසේන මහතා අති දක්ෂ චිත්‍රපට විචාරකයෙකි.

1973 දී ‘කොලම’ නමින් තීරු පුවත්පතක් හඳුන්වා දුන් ඒ මහතා ‘සිත්තර’ චිත්‍රකකා පත්තරයේ ප්‍රමාණ සහ සංකල්ප නිර්මාණකරුවා මෙන්ම ප්‍රධාන කතුවරයා විය. ‘අද’ සහ ‘හෙට’ දේශාපලන පුවත්පත්ද ‘සුරස’, ‘සුහද’ සිනමා හා කලා පුවත්පත්ද ඔහුගේ කතෘත්වය යටතේ පළවූ ඒවා විය.

 

චින්තන ජයසේන ගැන 1

චින්තන ජයසේන ගැන 2

 

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!