ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳ කමක් විය
ඈත සංසාරේ…

ඈත සංසාරේ
සබඳ කමක් නැත හමුවීමක් මිස
ඈත සංසාරේ

දුකට හඬා වැටෙනා බොල් අහසට
තනිය මකන ඉරබටු තරුවක් ලෙස
වැසි යදිනා ගිනි ලන වැලි කතරට
සිහිල ගෙනා මඳ නල රැල්ලක් ලෙස

ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳ කමක් විය
ඈත සංසාරේ

භවෙන් භවය පැතු සුභ පැතුමක් නොව
යුගෙන් යුගය රැකි මහරු මිණක් නොව

තොළින් තොළඟ රැඳි හසරැල්ලක් නොව
අනන්තයක නැඟි දේදුන්නක් නොව

ඈත සංසාරේ
සබඳ කමක් නැතහමුවීමක් මිස
ඈත සංසාරේ

ඈත සංසාරේ……………

 

ගායනය – රෝහණ වීරසිංහ සමග නෙරංජලා සරෝජිනී
ගී පද- කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය – රෝහණ වීරසිංහ

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!