රිදී පැහැ හිම තට්ටු මෘදු ලෙස පෙනුනද, ඒවා තුළ සැඟවී එන ඇටමිදුළු විනිවිදින තියුණු ශීතල, ඝන ලොම් ඇඳුම් පවා පසාරු කරගෙන යන්නේ අසිපත් තුඩු මෙනි. මුළු මහත් උතුරු අර්ධගෝලයම මේ වන විට පණ ඇති මිනිසුන් ගැවසෙන ශීතාගාරයක් බවට පත්ව තිබේ. කැනඩාවේ ඔන්ටාරියෝ සිට ඇල්බර්ටා දක්වා වූ නගර සැබෑ එස්කිමෝ නගර බවට පත්ව ඇත්තේ දේශගුණිදී පැහැ හිම තට්ටු මෘදු ලෙස පෙනුනද, ඒවා තුළ සැඟවී එන ඇටමිදුළු විනිවිදින තියුණු ශීතල, ඝන ලොම් ඇඳුම් පවා පසාරු කරගෙන යන්නේ අසිපත් තුඩු මෙනි. මුළු මහත් උතුරු අර්ධගෝලයම මේ වන විට පණ ඇති මිනිසුන් ගැවසෙන ශීතාගාරයක් බවට පත්ව තිබේ. කැනඩාවේ ඔන්ටාරියෝ සිට ඇල්බර්ටා දක්වා වූ නගර සැබෑ එස්කිමෝ නගර බවට පත්ව ඇත්තේ දේශගුණික විපර්යාසවල වෙනස කියාපාමිනි.
උෂ්ණත්වය ඉලක්කම් දෙකෙහි ඍණ අගයන් දක්වා වේගයෙන් පහත වැටෙද්දී, මුළු මහත් කලාපයටම බලපාන මෙම ‘මහා ශීත දේශගුණයට’ හේතුව කුමක්දැයි බොහෝ දෙනා විමසති. ඊට විද්‍යාත්මක පිළිතුර ඇත්තේ අපේ හිසට සැතපුම් ගණනාවක් ඉහළින් අභ්‍යවකාශ මායිමේ කැරකෙන, ‘ධ්‍රැවීය සුළි සුළඟ’ (Polar Vortex) නමැති අද්භූත වායු ප්‍රවාහය තුළයි.
වර්තමාන කාලගුණ වාර්තා සහ පුවත් සිරස්තල දෙස බැලීමේදී නිරන්තරයෙන්ම කතා කෙරෙන වචනයක් බවට Polar Vortex පත්ව ඇත. මෙය හුදෙක් කාලගුණ විද්‍යාත්මක වචනයක් පමණක් නොව, එය පෘථීවි ජීවීන්ට සෘජුවම බලපෑම් කරන දරුණු බලවේගයක් ලෙස ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම උතුරු ඇමරිකාව සහ යුරෝපය පුරා පවතින මෙම අසාමාන්‍ය ශීත ඍතුවත් සමඟ විද්‍යාඥයන් සහ කාලගුණ විද්‍යාඥයන් වැඩි වැඩියෙන් මේ ගැන අනතුරු අඟවනු දක්නට ලැබේ.
ධ්‍රැවීය සුළි සුළඟ- Polar Vortex
Polar Vortex 1940 දශකයේ සිට කාලගුණ විද්‍යාවේ භාවිත වන වචනයකි. මෙම ධ්‍රැවීය සුළි සුළං සෑම ශීත සෘතුවකම නිර්මාණය වී වසන්ත කාලයේදී බිඳී යයි. පෘථීවියේ කාලගුණය උඩුයටිකුරු කරන මෙම සංසිද්ධිය විද්‍යාත්මකව මෙසේ පැහැදිලි කළ හැක.
පෘථීවියේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන්ට ඉහළින් වායුගෝලයේ ස්ට්‍රැටොස්ෆියර් (Stratosphere) ස්ථරය තුළ කැරකෙන අතිවිශාල, අඩු පීඩන සහිත ශීත වායු ප්‍රවාහය Polar Vortex ලෙස හැඳින්වේ.
සෑම ශීත කාලයකදීම මෙය නිර්මාණය වන්නේ සමකය සහ ධ්රැව අතර පවතින දැඩි උෂ්ණත්ව වෙනසෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
කැනඩාවට දැනෙන Polar Vortex
ධ්‍රැවීය සුළි සුළඟ අස්ථාවර වූ විට එහි බලපෑම මුලින්ම සහ දරුණුම ලෙස දැනෙන්නේ කැනඩාවටයි.
Prairies: Alberta සහ Saskatchewan වැනි ප්‍රාන්තවල උෂ්ණත්වය ඍණ සෙල්සියස් 40 සිට 50 දක්වා පහත වැටුණු අවස්ථා පසුගියදා වාර්තා විය. මෙවැනි උෂ්ණත්වයකදී එළිමහනේ සිටින පුද්ගලයෙකුගේ සමේ සෛල විනාඩියකටත් අඩු කාලයකදී විනාශ (Frostbite) විය හැක.
Ontario සහ Quebec: ජනාකීර්ණ දකුණු ඔන්ටාරියෝ කලාපයට මෙම සුළි සුළඟ ගෙන එන්නේ Flash Freeze හෙවත් ක්ෂණිකව මිදෙන තත්ත්වයකි. වැසි ඇදහැලෙමින් පවතින අතරතුර මිනිත්තු කිහිපයක් තුළ උෂ්ණත්වය සෘණ අගයට පත්වීම නිසා මහාමාර්ග අයිස් තට්ටුවලින් වැසී ගොස් ප්‍රවාහන පද්ධතියම අඩපණ වේ.
British Columbia: සාමාන්‍යයෙන් මෘදු දේශගුණයක් ඇති වැන්කූවර් වැනි නගර පවා ධ්‍රැවීය සුළි සුළඟේ බලපෑමෙන් අසාමාන්‍ය හිම කුණාටුවලට නතු වේ.
Jet Streams සහ Polar Night Jet
ශරත් සෘතුවේ අගභාගයේදී උත්තර ධ්‍රැවීය ස්ට්රැටොස්ෆියරයට හිරු එළිය අහිමි වී යාමත් සමඟ එම ප්‍රදේශය අධික ලෙස ශීතල වේ. එම අවස්ථාවේදී සමකය ආශ්රිත ප්‍රදේශ ඉතා උණුසුම්ව පවතින බැවින්, මෙම උෂ්ණත්ව පරතරය සමබර කිරීමට වායුගෝලයේ ඉහළ ස්ථරවල Tropospheric Jet Streams නම් වේගවත් වායු ප්‍රවාහයක් නිර්මාණය වේ. අප සාමාන්‍යයෙන් කාලගුණ වාර්තාවල අසන මෙම Jet Streams පිහිටා ඇත්තේ අපට සමීප පහළ වායුගෝලයේ වුවද, ධ්‍රැවීය සුළි සුළඟ පාලනය කරන ප්‍රධාන බලවේගය වන්නේ මීට ඛෙහෙවින් ඉහළින් පිහිටි Polar Night Jet ප්‍රවාහයයි.
මෙය කුමක්ද? ශීත සෘතුවේදී උත්තර ධ්‍රැවය මාස කිහිපයක් යනතුරු හිරු එළිය නොලැඛෙන ‘ධ්‍රැවීය රාත්‍රියට’ යටත් වේ. මෙහිදී ඉහළ ස්ට්රැටොස්ෆියරය අධික ලෙස ශීත වන අතර, ඊට පහළින් ඇති ස්ථර සාපේක්ෂව උණුසුම්ව පවතී. මෙම දැවැන්ත උෂ්ණත්ව සහ පීඩන වෙනස හේතුවෙන්, පෘථීවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 15 සිට 50 දක්වා ඉහළ අහසේ බටහිර සිට නැගෙනහිරට විහිදෙන ඉතා වේගවත් සුළං ධාරාව Polar Night Jet වේ.
Jet Streams ශක්තිමත්ව පවතින තාක් කල්, රුදුරු ශීත වාතය ධ්‍රැවය තුළම සිරකර තබාගන්නා ශක්තිමත් වැටක් මෙන් ක්‍රියා කරයි. නමුත් මෙම ආරක්ෂිත වැට දුර්වල වූ විට ඉහළ අහසේ සිරවී තිබූ දැඩි ශීත වාතය පහළ මට්ටම් කරා කාන්දු වීමට පටන් ගනී. එහි ප්‍රතිඵලය වන්නේ උතුරු ඇමරිකාව සහ යුරෝපය වැනි කලාප කරා විශාල හිම කුණාටු ගලා ඒමයි.
Jet Streams කාලගුණයට පමණක් නොව, ගුවන් සේවා ක්ෂේත්රයටද සෘජුවම බලපාන ප්‍රබල සාධකයකි. ගුවන් නියමුවන් සහ ගුවන් සමාගම් තම කාලසටහන් සහ ඉන්ධන පිරිවැය කළමනාකරණය කරගැනීමේදී ‘අහසේ ඇති මෙම වායු ගංගා’ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි.
ධ්‍රැවය දෙබෑ වීම සහ Daughter Vorticesz
Polar Vortex සැමවිටම ස්ථාවර නැත. කඳු වැටි හරහා වාතය ගලා යාම වැනි හේතු නිසා නිර්මාණය වන වායුගෝලීය තරංග (Rossby Waves) මගින් මෙම සුළි සුළඟට බාධා පමුණුවයි. මෙම Rossby තරංග බාධා කිරීම් කෙතරම් ප්‍රබල විය හැකිද යත්, සමහර අවස්ථාවලදී ධ්‍රැවීය සුළි සුළඟ කොටස් දෙකකට බිඳී යාම හෝ එහි දිශාව වෙනස් වී පසෙකට තල්ලූ වී යාම සිදු වෙයි. ධ්‍රැවීය සුළි සුළඟ මෙසේ කොටස්වලට කැඩී යාම කාලගුණ විද්‍යාඥයන් හඳුන්වන්නේ Daughter Vortices යනුවෙනි. මෙලෙස සුළි සුළෙඟ් කේන්ද්‍රය ධ්‍රැවයෙන් ඉවතට තල්ලූ වී කැනඩාව හෝ උතුරු ඇමරිකාව දෙසට පැමිණි විට, එම ප්‍රදේශ උත්තර ධ්රැවයටත් වඩා ශීතල ප්‍රදේශ බවට පත් වේ. 2019 ජනවාරි මාසයේදී කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය අඟහරු ලොවේ මතුපිට උෂ්ණත්වයටත් වඩා අඩු අගයක් ගත්තේ එබැවිනි.
Polar Vortex සඳහා බලපාන මානව ක්‍රියාකාරකම්
ගෝලීය උණුසුම සහ Arctic Amplification
වර්තමානයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යද්දීත් මෙතරම් දරුණු ශීතලක් ඇති වන්නේ ඇයිද යන්න බොහෝ දෙනෙකුට පවතින ගැටලූවකි. විද්‍යාඥයන් මෙය දකින්නේ පෘථීවියේ ස්වභාවික වායු සමීකරණ පද්ධතිය බිඳ වැටීමක් ලෙසයි. ආක්ටික් කලාපය ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා 4 ගුණයක වේගයෙන් උණුසුම් වීම මෙයට හේතුව බව විද්‍යාඥයන් පෙන්වා දෙති. මෙය ‘Arctic Amplification’ ලෙස හැඳින්වේ. ධ්‍රැවය උණුසුම් වන විට, සමකය සහ ධ්‍රැවය අතර උෂ්ණත්ව වෙනස අඩු වේ. මෙය Jet Streams ‘ලිහිල්’ කිරීමට හේතු වේ. ලිහිල් වූ Jet Streams වංගු සහිතව ගලා යමින් උතුරේ ශීත වාතය දකුණටත්, දකුණේ උණුසුම් වාතය උතුරටත් රැගෙන යයි. මෙහි ප්‍රතිඵල ලෙස:
- දැඩි ශීත තරංග (Cold Waves) වෙනදාට වඩා ඛෙහෙවින් අඩු උෂ්ණත්වයක් සහිත වාතය ලෙසින් පහළට ගලා එයි.
- Jet Streams සමඟ එන තෙතමනය රුදුරු ශීත වාතය හා ගැටීමෙන් දැවැන්ත හිම කුණාටු නිර්මාණය වේ.



