සේවක වැටුප් සංශෝධන කරමින් කැත්ලීන් වේන්ගේ ලිබරල් රජය විසින් ගෙන ආ Bill 148 සංශෝධනය කිරීමට ෆෝඞ් රජය සැරසේ. පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී ෆෝඞ් මේ බව ප‍්‍රකාශ කර ඇත. මෙම පනත සංශෝධන කිරීම ඇතැම් විට ඔන්ටේරියෝවේ අර්ධකාලීන රැකියාවල නියුක්ත වූවන්...
කැනඩාවේ නව සංක්‍රමණික ඉලක්ක
ඉදිරි වසර තුන සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සංක්‍රමණික ඉලක්ක පිළිබඳව කැනඩා ආගමන අමාත්‍ය අහමඩ් හුසේන් විසින් නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඉදිරි තෙවසර තුළ කැනඩාව මිලියනයකට ආසන්න සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් පිළිගැනීමට සූදානමින් පසුවේ. ලිබරල් රජය...
මැක්මාස්ටර් තුළ දුම්පානය තහනම්
2018 ජනවාරි 01 දා සිට හැමිල්ටන්හි මැක්මාස්ටර් විශ්වවිද්‍යාල තුළත් බර්ලින්ටන්හි රොන් ජොයිස් මධ්‍යස්ථානය තුළත් දුම්කොළ සහිත හෝ රහිත සියලුම දුම්වැටි භාවිතය තහනම් කර ඇත. මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා සහ උපකුලපති ලෙස කටයුතු කරන පැට්‍රික් ඩේන් විසින් මේ පිළිබඳව වූ...
Begin to right the wrongs ! ආදිවාසීන්ට වන්දි ගෙවීමට රජය එකඟ වෙයි
යම් පුද්ගලයකු තම මවුපියන්ගෙන්, තමන් උපන් ජන කොට්ඨාසයෙන්, තම සංස්කෘතික උරුමයන්ගෙන් බලහත්කාරයෙන් ඉවත් කළහොත් ඔහුට හෝ ඇයට ඇතිවන පීඩනයේ බලපෑම කොතෙක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. එවැනි බලහත්කාරකම් මොන ආකාරයේ සමාජ ස්ථරයක සිදුවුවත් එ්වා ම්ලේච්ඡ ක්‍රියා වශයෙන් හැඳින්වීම...
ඇමරිකාවේ ගිනි අවි භීතිය
ප්‍රචණ්ඩත්වය හා ගිනි අවි අතර ඇත්තේ නොබිඳෙන සබඳකමකි. මෙම දෙක එකතු වූ තැන ඛේදවාචකයක් මතුවීමද නොවැළැක්විය හැක්කකි. පසුගියදා ඇමරිකාවේ ලාස්වේගාස්හිදී සිදුවූ මහා මිනිස් සංහාරය පිළිබඳව සලකා බැලීමේදීද එය එලෙසින්ම තහවුරු වෙයි. එම අති අමානුෂික ප්‍රහාරය පිටුපස ඇති වෙනත් බලවේග...
ඔබත් එන්න…. කැනඩාවේ තව ඉඩ ඇත…!
2018 වසර සඳහා කැනඩාවේ සංක්‍රමණික ඉලක්ක නිශ්චය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර එම නිල නිවේදනය නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ආගමන අමාත්‍ය ආමඩ් හුසේන් පවසා ඇත්තේ, කැනඩාව අලුත් සංක්‍රමණිකයන්ට ආරාධනා කරන බවත් ඔවුන්...
සරණාගත ඉල්ලීම් කඩිනමින් විභාගයට ගන්න !
සරණාගතයින් ලෙස කැනඩාවට පැමිණෙන පිරිස වැඩිවීමත් සමග ආගමන හා සරණාගත මණ්ඩලය Immigration and Refugee Board (IRB) වෙත සරණාගතභාවය ඉල්ලා ලැඛෙන ඉල්ලුම්පත් ප්‍රමාණයද අධික වී ඇත. පසුගිය ජනවාරි මාසයේ සිට සෑම මාසයකම සරණාගතය භාවය සම්බන්ධයෙන් වූ නඩු 1400 ක් පමණ අලුතෙන් එක් වී ඇති...
නිව්යෝර්ක් පුපුරවන්න සැලැස්මක් හැදූ කැනේඩියානුවාට දඬුවම්
2016 වසරේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඉලක්ක කොට ගනිමින් එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාර ජාලයක් සැලසුම් කළ බවට සැක පිට අත්අඩංගුවට පත්ව සිටි ඔන්ටාරියෝ මිසසාගාහි 19 හැවිරිදි තරුණයා වැරදිකරුවකු බවට එරට අධිකරණය තීන්දු කර ඇත. පසුගියදා පැවති නඩු විභාගයේදී මොහුද එම කුමන්ත්‍රණය...
ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට
වෙළඳ දූත මණ්ඩල නිල සංචාරයක් සඳහා ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට යෑමට නියමිතව ඇත. දින 10 ක සංචාරයක් සඳහා මාර්තු 15 වෙනිදා පිටත්ව යන ටොරී නගරාධිපතිවරයා ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද් සහ ශ්‍රී ලංකාව වෙත යෑමට නියමිතයි. නගර සභිකයන් දෙදෙනෙකු, නිලධාරීන්...
විෂ සහිත ආභරණ
කැනඩාවේ වෙළඳපොළ තුළ ඇති කෘත්‍රිම ආභරණ රැසක සෞඛ්‍යයට අහිතකර කැඩ්මියම් ලෝහය අඩංගුව ඇති බව 2016 ජනවාරි මාසයේදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබුණි. එහිදී අනාවරණය වූයේ එ් වන විට වෙළඳපොළෙහි තිබූ ත්‍රිකෝණාකාර නිල් පැහැති පෙන්ඩනයක කැඩ්මියම් සියයට 99.6 ක ප්‍රතිශතයක් අඩංගුව...
නීති කඩන සංක්‍රමණිකයන් පිටුවහල් කෙරේ
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමරිකාවෙහි රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට අසුභ කාලයක් උදා වී ඇති බව එ් පිළිබඳව ලැඛෙන වාර්තා පවසා සිටී. ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා වූ උපදේශන මාලාවට අනුව නීති විරෝධීව...
ලේ බැංකුවට ගැටලූවක් !
කාන්තාවන් හට වසරකදී රුධිරය පරිත්‍යාග කළ හැකි වාර ගණන සීමා කරමින් කැනේඩියානු රුධිර සේවාව විසින් හඳුන්වාදෙනු ලැබූ නව මාර්ගෝපදේශන මාලාව නිසා රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව අඩුවීමෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. මෙම නව...
දේශසීමා මුර තර කරන්න
ඇමරිකා-කැනඩා දේශ සීමාව හරහා පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට විශාල ලෙස වැඩිවෙමින් පවතින බව ඒ පිළිබඳව දිනෙන් දින ලැඛෙන වාර්තා තහවුරු කොට සිටී. ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දීමත් සමගම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති අතර පසුගිය මාස කීපය තුළ ඇමරිකාවේ...
ජීවීන්ට හිතකර ග්‍රහලෝක 7 ක්
පෘථීවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පෘථීවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක හතක් සොයාගත් බවට නාසා තාරකා විද්‍යාඥයින් පසුගියදා නිවේදනය කොට තිබුණි. මෙම ග්‍රහලෝක 7 ම එකම තරුවක් වටා භ්‍රමණය වන බවත් ජීවයට හිතකර ජලය, වාතය වැනි සාධක එම ග්‍රහලෝක තුළ පැවතිය හැකි බවත් ඇමරිකාවේ ජාතික...
ටොරොන්ටෝවේ නිවාස වෙළඳපොළ
පසුගිය වසර හා සැසඳීමේදී 2017 ජනවාරි මාසයේ ටොරොන්ටෝවේ නිවාස විකුණුම් සියයට 12 කින් ඉහළ ගොස් ඇති බව ටොරොන්ටෝ දේපළ වෙළඳාම් සංගමයේ (TREB) වාර්තාවක් පවසා සිටියි. එසේ විකුණුම් වේගය වැඩිවීමත් සමගම නිවාස මිල ගණන්ද ඛෙහෙවින් ඉහළ නැගි අතර ටොරොන්ටෝවේ නිවසක සාමාන්‍ය මිල ප්‍රතිශතය...
















