පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වූ මොසැක් ෆොන්සේකා නම් සමාගමට අයත් රහස් ලිපිගොනු මිලියන 11.5 ක අඩංගු තොරතුරු අනාවරණය වීමත් සමග එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම ලිපි ගොනුවල ලෝක නායකයන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් ඇතුළත්ව...
Opioid භාවිතය අවදානම් මට්ටමක
Opioid ගණයේ ප්‍රබල වේදනා නාශක භාවිතය ඔන්ටාරියෝ ප්‍රාන්තය පුරා විස්මයානුකූලව වැඩි වෙමින් පවතින බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයක් හෙළි කොට සිටී. මෙවැනි බලසම්පන්න වේදනා නාශක වෙත ඇබ්බැහි වී සිටින ඇතැමුන් ඒවා අධිමාත්‍රාවලින් ගැනීමට පෙළඹීම නිසා වසරකට මිය යන සංඛ්‍යාවද සිය ගණනක්...
පදික අනතුරු අධික වසරක්
මෙම වසර තුළ රථවාහන අනතුරු නිසා මිය ගිය පදිකයන් සංඛ්‍යාව පෙර කවරදාටත් වඩා වැඩි වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව 2016 වසරේ ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 13 දා දක්වා පළාත්බද මාර්ගවල මිය ගොස් ඇති පදිකයන් සංඛ්‍යාව 30 දෙනෙකු බව එම වාර්තාව...
මෝටර් රථ සඳහා back-up කැමරා අනිවාර්යයි
2018 මැයි මාසයේ සිට සියලුම කාර් සහ කුඩා ට්‍රක් රථ සඳහා පසුපස දිස්වන උපස්ථ කැමරා (back-up cameras) අනිවාර්ය කරන බව කැනඩා ප්‍රවාහන අමාත්‍යාංශය (Transport Canada) පවසා සිටී. මෙම නව රෙගුලාසිය සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දැක්වීමට දින 75 ක කාලයක් ලබා දී ඇති අතර එය කැනඩා...
ඔක්තෝබර් නිවාස අලෙවිය ඉහළට
පසුගිය ඔක්තෝබර් මාසයේදී කැනඩාව පුරා අලෙවි වූ නිවාස සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ අගයක් පෙන්වූ බව කැනඩා දේපළ වෙළඳාම් සංගමය (Canadian Real Estate Association) පවසයි. එම සංගමයේ දත්තයන්ට අනුව බහු ලැයිස්තුගත සේවාව (MLS) හි ඇතුළත් කොට තිබූ දේපළ අතරින් නිවාස දේපළ (residential...
Canada-EU වෙළඳ ගිවිසුම !
කැනඩාව සහ යුරෝපා සංගමය අතර 'නිදහස් වෙළඳ ගිවිසුම' අත්සන් කිරීම ඛෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පසුගිය ඔක්තෝබර් 30 දා සිදුකරනු ලැබුණි. විස්තීර්ණ ආර්ථීක හා වෙළඳ ගිවිසුම - The Comprehensive Economic and Trade Agreement, (CETA) ලෙස නම් කර ඇති මෙම ගිවිසුම යුරෝපා සංගම්...
මරිජුවානා නීතිගත කිරීම….?
කැනඩාව තුළ මරිජුවානා (ගංජා) නීතිගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් පළාත්බද දේශපාලනඥයින්ද සිය අදහස් දක්වා ඇති අතර එහිදී ඇතැම් අය පවසා ඇත්තේ මෙය ක්‍රියාත්මක වුවහොත් වෙනත් සමාජ ප්‍රශ්න රැසක්...
මුඛය ආශ්‍රිත පිළිකා රෝගවල වැඩිවීමක් !
කැනේඩියානුවන් අතර මුඛය සහ උගුර ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයන්හි තියුණු වැඩිවීමක් දක්නට ලැඛෙන බව කැනේඩියානු පිළිකා සංගමය අනාවරණය කොට ඇත. බොහෝ දුරට මුඛය ආශ්‍රිතව ඇතිවන එම පිළිකා සඳහා මානව පැපිලෝමා වෛසරය ප්‍රධාන හේතුවක් වී ඇති බව සංගමය පෙන්වා දේ. 1992 ත් 2012 ත් අතර...
සෞඛ්‍ය ප්‍රතිපාදන අඩුකිරීමේ සැලසුමක්…?
කැනඩාවේ වෛද්‍ය සේවා පහසුකම් සැපයීම සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය තවදුරටත් කප්පාදු කිරීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටී. ඒ පිළිබඳව වූ අනතුරු ඇඟවීම් ෆෙඩරල් රජය විසින් පළාත්බද අමාත්‍යවරුන් වෙත පසුගියදා සිදුකර තිබුණු අතර එහිදී පැවසුණේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් මේ වන...
සංක්‍රමණිකයන් හමුවේ ඇති අභියෝග !
පසුගියදා ප්‍රින්ස් එඩ්වඩ් දූපතේ පැවති ෆෙඩරල් සහ පළාත්බද ආගමන කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ හමුවකදී, වැඩිවන සිරියානු සරණාගතයින් සඳහා මූලික පහසුකම් සැපයීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබුණි. කැනඩා සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව 2015 ජූලි 01 වනදා සිට මේ වසරේ ජූලි...
කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !
කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...
රෝහල් රථගාල් ගාස්තු 50% කින් අඩු කරයි !
ඔන්ටාරියෝවේ රෝහල්වල රථ ගාල් විසින් අයකරනු ලබන ගාස්තු ඉතාමත් අධික වීම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිසද මුහුණ දෙන විශාල ගැටලුවකි. මේ පිළිබඳව අවධානය යොමු කළ ඔන්ටාරියෝ මහ ඇමතිනි කැත්ලීන් වේන් එම ගාස්තුව සියයට 50 කින් පහත දැමීමට...
ලිංගික අපරාධ විමර්ශනය සන්නද්ධ හමුදාවට !
කැනඩාවෙහි සිදුවන ලිංගික අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට කැනේඩියානු හමුදා සන්නද්ධ අංශයේ විශේෂ කණ්ඩායමක් (Sexual Offences Response Team) යෙදවීමට රජය පියවර ගෙන ඇත. කැනඩාව තුළ දිනෙන් දින වැඩිවන ලිංගික අපරාධ පිළිබඳවත් එම සිදුවීම්වලදී කටයුතු කළ යුතු ආකාරය...
අවම වැටුප ඉහළට !
ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ පළාත් කිහිපයක් අවම වැටුප සීමාව ඉහළ නැංවීමට සිදු කර ඇත. ඔන්ටාරියෝ, ඇල්බර්ටා, ප්‍රින්ස් එඩ්වඩ් දිවයින සහ සස්කච්වාන් මෙසේ වැටුප් ඉහළ නැංවූ පළාත අතර වෙති. මෙම පළාත් අතරින් ඇල්බර්ටා විශාල අගයකින් වැටුප වැඩි කොට ඇති අතර මෙතෙක්...
නීතිඥ වන්දිය ඉහළ යයි
සෑම අතකින්ම යුක්ති ගරුක වෘත්තියක් විය යුතු නීතිඥ වෘත්තිය තුළ කටයුතු කරන ඇතැම් පුද්ගලයින් නිසා එහි ගරුත්වයට හානි සිදුවන අවස්ථාවන් පිළිබඳව බොහෝ විට අසන්නට ලැබේ. විශේෂයෙන්ම සත්‍ය වසන් කරමින් සිදුකරන වංචාකාරී වැරදි නිසා අගතියට පත්වන පිරිස දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. මේ...
















