අතුරුදන්ව හා ඝාතනය වී සිටින දහසකට අධික කැනේඩියානු ස්වදේශික කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායම් මේ වන තෙක් සිය අවධානය යොමු නොකළත් ඉදිරියේදී එසේ නිහඬව නොසිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පවසා සිටී. ඒ අනුව මෙම ඝාතන සහ...
කැනඩාවේ Zika බබා සනීපෙන් !
Zika වෛරසය ශරීරගත වූ මවක විසින් පසුගියදා බිහිකරන ලද ළදරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා පවසා ඇත. මෙම මව ගර්භනී සමයේ මුල් අවධියේදී යෙදුණු සංචාරයකදී සිකා වෛරසය ශරීරගත වී ඇති බව සොයාගනු ලැබුණි. සිකා වැළඳුණු මවුවරුන් බිහිකල බොහෝ...
වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු
අද (2 දා) සිට වැන්කූවර් හි නිවාස දේපළ මිල දී ගන්නා සෑම විදේශිකයකුම සියයට 15 ක බද්දකට යටත් වනු ඇත. ලිබරල් ආණ්ඩුව විසින් පසුගිය සතියේදී මේ බද්ද පිළිබඳ පනත සම්මත කරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වැන්කූවර් දේපළ මිල දී ගැනීම්වලට විදේශිකයන්ගේ මැදිහත් වීම වැඩිවෙමින්...
චූදිත කොස්තාපල්වරයා ඇප මත නිදහස්
2013 ජූලි 27 වෙනි දින ටොරොන්ටෝවේදී සිදුවූ පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය සැමී යැටීම් නඩු විභාගයේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් විය. ඒ අනුව එම මරණය සාවද්‍ය මිනී මැරුමක් බව පැවසූ අධිකරණය යැටිම් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර පොලිස් කොස්තාපල් ජේම්ස් ෆෝසිලෝ හට වසර 6 ක සිරදඬුවමක් නියම...
සැමී යටිම් නඩු තීන්දුව
පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය දහඅට හැවිරිදි සැමී යටිම්ගේ මරණය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණි. එහිදී මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ටොරොන්ටෝ පොලිස් නිලධාරි ජේම්ස් ෆෝසිලෝ හට වසර 6 ක සිර දඬුවමක් නියම විය. හරියටම මින් වසර තුනකට...
Pearson – අවිවේකයි
ගිම්හාන නිවාඩුවත් සමග ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපොළට අතිශයින්ම කාර්යබහුලම වී ඇති නිසා මෙම ගුවන් තොටුපොළින් ගුවන් ගමන් යෑමට බලාපොරොත්තු වන්නන් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතු බවත් ගුවන් තොටුපොළ ප්‍රකාශකයකු පවසා සිටී. ගුවන් තොටුපොළ වාර්තාවලට අනුව කාර්යබහුලතම...
ගිම්හාන කුණාටුව GTA කලඹයි
අද (27) සවස GTA ඇතැම් ප්‍රදේශවල ඇති වූ කුණාටුවත් සමගම ටොරොන්ටෝ ඩවුන් ටවුන් කලාපය තුළ ගංවතුර තත්ත්වයක් හට ගැනුණි. මේ පිළිබඳව කාලගුණ අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබුවත් සති මැද දිනයක් වූ අද නගරයේ ඉතාමත් කාර්යබහුලම වෙලාවක හටගත් කුණාටු තත්ත්වයත් සමගම බොහෝ දෙනෙකු දැඩි පීඩාවට...
සංක්‍රමණික රැඳවියන්ගේ උපවාසය
ටොරොන්ටෝ නැගෙනහිර රැඳවුම් මධ්‍යස්ථානයේ සහ ලින්ඩ්සේ රැඳවුම් මධ්‍යස්ථානයේ (මධ්‍යම නැගෙනහිර පුනරුත්ථාපන මධ්‍යස්ථානය) සිටින සංක්‍රමණික රැඳවියන් විශාල පිරිසක් පසුගිය සති 2 ක කාලයක සිට උපවාසයක නිරතව සිටී. ආගමන විධිවිධාන උල්ලංඝනය කර ඇතැයි පැවසෙන මේ පිරිස රටින් පිටුවහල්...
Pokémon Go උමතුව
ඉන්ස්ෆිල් ඔන්ටේරියෝ - වාහන නැවතුම් අංගනයක සිට Pokémon Go ස්මාර්ට් ෆෝන් ක්‍රීඩාවේ නියැළුණු කාන්තාවක් පසුගියදා රථයක ගැටී ඇත. පසුව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ මේ රිය පදවාගෙන ආ රියදුරාද රිය පදවන අතර සිය ස්මාර්ට් ෆෝනයෙන් Pokémon Go ක්‍රීඩාවේ නිරතව පැමිණ ඇති බවය. තමා රියක...
ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න
ඔටාවාහිදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ සෝමාලියා-කැනේඩියානු මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව හදිසියේ මිය යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මුස්ලිම් සහ කළු ජාතික සංවිධාන රජයෙන් ඉල්ලා සිටී....
ඇල්බර්ටා පිබිදෙන ලකුණු !
ඇල්බර්ටා ආර්ථිකය පිළිබඳව මේ දිනවල අසන්නට ලැබෙන පුවත් එතරම් සුබදායක නොවූවත් මෙම පුවත ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මේ සතියේ TD බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, ඇල්බර්ටා පළාත පෙර නොවූ විරූ අන්දමේ ඉතාමත් ගැඹුරු හා දීර්ඝතම පසුබැස්මකට මුහුණ දී ඇති...
කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට
පසුගිය කාලයේදී සිදුවූ අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සටහන් කොට ඇති පොලිස් වාර්තා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී කැනඩාව තුළ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් පවතින බව The national Crime Severity Index (CSI) පෙන්වා දේ. මෙම වාර්තාව සකස් කරනු ලබන ෆෙඩරල් ඒජන්සිය පවසා...
නවතම Child Benefit payments ක්‍රියාත්මකයි
ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති නවතම ළමා ප්‍රතිලාභ (Child Benefit) අද (ජූලි 20 දා) සිට බැංකු සහ ලිපි බහාලුම් වෙත ලැබීමට නියමිතව ඇත. දරුවන් සිටින පවුල් සඳහා ගෙවනු ලබන මෙම ළමා ප්‍රතිලාභයන් universal child care benefit, Canada child tax benefit සහ...
රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත
ගුවන් යානා නියමු කුටිය තුළ මත්පැන් පානය කොට සිටීම සම්බන්ධයෙන් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පසුගියදා (18 සඳුදා) ස්කොට්ලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔන්ටේරියානු වැසියන් වන මොවුන් Jean-Francois Perreault (39) හා Imran Zafar Syed (39) ලෙස හඳුනාගෙන ඇති අතර...
ආදායමට සරිලන නිවාස
දිනෙන් දින ඉහළ යන නිවාස මිල ගණන් නිසා ටොරොන්ටෝව තුළ නිවසක් මිල දී ගැනීම කෙසේ වෙතත් කුලියට ගැනීම පවා අසීරු වන ලකුණු පහළ වෙමින් පවතී. මෙය විසඳුමක් ලෙස ආදායමට සරිලන ආකාරයේ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ඉදිකිරීම් සංවර්ධන කටයුතු සිදුකරන්නන් දිරිමත් කිරීමේ වැඩසටහන් මේ වන විට...