මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එසේත් නැතිනම් SAITM ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයටම සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු එකඟ වී ඇත.

උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සමග රජයේ විශ්වවිද්‍යාල 7 ක වෛද්‍ය පීඨාධිපතිවරු විසින් ඊයේ (21 දා) පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකරගෙන ඇත.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉහත ආකාරයට රජයත් සමග සම්බන්ධ වීමත් සමග නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලද එවැනි ක්‍රමවේදයක් යටතට පත් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

Share this Post