වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු යොදමින් සිටින අතර එම රැඳවියන්ගේ විස්තර බන්ධනාගරවලින් ලබාගෙන අවසන් වාර්තාව ජනාධිපති වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ. සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතව සිටින වයස අවුරුදු 70 ඉක්මවූ රැුඳවියන් 70 ක් පමණ සිටින බව සඳහන් වේ.
එසේම සුළු වැරදිවලට සම්බන්ධ වයස අවුරුදු 70 ට අඩු රැඳවියන් සඳහාද විශේෂ බලපත‍්‍රයක් ලබා දී නිදහස ලබාදීමට අදහස් කර ඇති බවද මෙම රැුඳවියන් පිළිබඳව ඔවුන්ගේ ඥාතීන්ගෙන් විමසීම් කර එම නිදහස් කිරීමේ කටයුතු සිදුකරන බවද පැවසේ.
යම් ආකාරයකින් මෙසේ නිදහස් කරන අයෙකු යළි වැරදි සිදුකළහොත් අදාළ රැුඳවියාට හිමිව තිබූ සිර දඬුවම යළිත් ක‍්‍රියාත්මක කෙරෙන බව මේ පිළිබඳව අදහස් දැක්වූ බන්ධනාගාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පවසයි.
මෙම විශේෂ නිදහස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැඳවියන්ටත් මරණ දඬුවම හිමිවූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවියන්ටත් හිමි නොවේ.

Share this Post