ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව ඊයේ (21) රාත්‍රි 11.00 සිට මැයි 28 වන දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කර ඇත.

මෙම සංචරණ සීමාව අදියර 2 කින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර මැයි 21 සිට 25 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වාද දෙවන අදියර මැයි 25 රාත්‍රි 11.00 සිට 28 වනදා අළුයම 4.00 දක්වාද ක්‍රියාත්මක වේ.

මෙම කාල සීමාවේදී නිවෙස්වලින් බැහැර නොයන ලෙස රජය  ජනතාවට නිවේදනය කර සිටී. සංචරණ සීමා පනවා ඇති කාලය තුළ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යොදවා ඇති බව පොලිසිය පවසයි.

මැයි 28 වනදායින් පසුව ඊළඟ සති අන්තයේදීත් නැවත සංචරණ සීමා පනවන්නේද යන්න පසුව තීරණය කරන බව මේ පිළිබඳව පැවති සාකච්ඡාවකදී හමුදාපතිවරයා පවසා ඇත.

Share this Post