යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීම සඳහා පැවති ජනමත විමසීමේදී බහුතරයක් තම කැමැත්ත පළ කර ඇත්තේ යුරෝපා සංගමයෙන් වෙන් වීමටය. මෙම ජනමත විමසුම එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය, සහ වේල්සය තුළ පැවති අතර හාරකෝටි හැටපන්ලක්ෂයක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි. සමස්ත ප්‍රතිඵලයට අනුව සියයට 52 දෙනෙකු ඉවත්විය යුතු බවට ඡන්දය දී ඇති අතර සියයට 48 ක් රැඳී සිටිය යුතු බව පවසා තිබුණි.

මේ අනුව බහුතර ජනතා කැමැත්තට අනුව බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළ අතර ඉදිරි දෙවසර තුළ මෙම වෙන්වීම සිදුවනු ඇත.

 

 

Share this Post