Transparency International ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ජගත් දූෂක දරශකයට අනුව (Corruption Perceptions Index) පෙර වසරවලටත් වඩා ශ්‍රී ලංකාව දූෂිත ගොන්නට බර වී ඇති බව පෙනී යයි.
2014 වසරේදී රටවල් 175 ක් මෙම දූෂක ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබූ අතර එයින් ශ්‍රී ලංකාවට 85 වෙනි ස්ථානයත් 2015 වසරේදී දූෂක ලැයිස්තුගත කළ රටවල් 168 ක් අතරින් ශ්‍රී ලංකාවට 83 වෙනි ස්ථානයත් හිමි වී තිබුණු අතර 2016 වසරේදී දූෂක ලැයිස්තුගත කළ රටවල් 176 අතරින් ශ්‍රී ලංකාවට 95 වෙනි ස්ථානය හිමිව ඇත. එ් අනුව 2016 වසරේ දූෂිත ලැයිස්තු දර්ශකයේ ශ්‍රී ලංකාව තිඛෙන ස්ථානය පිළිබඳව සලකා බැලීමේදී පසුගිය වසර තුළ රටෙහි දූෂණය පෙරටත් වඩා ඉහළ ගොස් ඇති බව පෙනී යයි.
මෙම ජාත්‍යන්තර ට්‍රාන්ස්පේරන්සි දූෂක දර්ශකය මගින් එ් එ් රටවල රාජ්‍ය අංශයේ වංචා දූෂණ පිළිබඳව ගණනය කරනු ලැබේ.
මෙම දර්ශකයට අනුව 2016 වසරේ දූෂණය අවම රටවල් අතරින් ඩෙන්මාර්කය, නවසීලන්තය සම ලකුණු ලබාගෙන පෙරමුණ ගෙන සිටී. ෆින්ලන්තය, ස්වීඩනය හා ස්විස්ටර්ලන්තය මෙහි ඉදිරියෙන් සිටින සෙසු රටවල් වේ.
කැනඩාවට මෙම දර්ශකයේ 9 වන ස්ථානය හිමි වී ඇත. ඇමරිකාව මෙහි 18 වන ස්ථානයේ පසුවෙයි.
මෙම ලැයිස්තුවට අනුව මෙවර ලොව දූෂිතම රට ලෙස 176 වන ස්ථානයට පත් වී ඇත්තේ සෝමාලියාවයි.

Share this Post