ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ දේ පුරවැසියන් හට දැනගැනීමට හැකි වන ‘තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත’ පෙබරවාරි 03 වනදා සිට බලාත්මක වී ඇත. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී මාස 6 කින් එය ක්‍රියාත්මක කළ යුතු අතර පසුගිය වසරේ ජූනි 24 වන දින සංශෝධන සහිතව මෙම පනත සම්මත වී තිබුණි. එ් අනුව පෙබරවාරි 03 වනදා සිට පුරවැසියන්ට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බවත් එ්ස සඳහා තොරතුරු නිලධාරීන් පත් කර ඇති බවත් වාර්තා වේ.
මෙම පනත ක්‍රියාවට නැංවීමත් සමග මහජන බදු මුදල් භාවිතයෙන් සිදුකරන සංවර්ධන කටයුතු පිළිබඳව සහ රජයේ තොරතුරු පුරවැසියාට ලබා දීමට රජය බැඳී සිටී. මේ යටතේ තොරතුරු ලබාගත හැකි පොදු අධිකාරීන් නම් කොට තිඛෙන අතර එ් යටතට අමාත්‍යාංශ, මණ්ඩල, දෙපාර්තමේන්තු, සංස්ථා, රජයට අයත් සමාගම්, පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු ආයතන රැසක් ඇතුළත් කොට ඇත.
එහෙත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු, ආණ්ඩුවේ ආර්ථීක හෝ මූල්‍යමය ප්‍රතිපත්තිවලට අදාළ සංවේදී තොරතුරු, පෞද්ගලික වෛද්‍ය වාර්තා ඇතුළු විශේෂිත කරුණු ගණනාවක් යටතේ බැෙඳන තොරතුරු ලබා නොදෙන බව පනතෙහි සඳහන් වේ. එසේම එවැනි තොරතුරු හෙළිකිරීම ද~ුවම් ලැබිය හැකි වැරදි ලෙසද එහි දක්වා තිබේ.
තොරතුරු ලබාගැනීම සඳහා ලිඛිතව, විද්‍යුත් තැපැල් මගින් හෝ වාචිකව ඉල්ලා සිටීමේ අයිතිය ජනතාව වෙත ඇති අතර එම අදාළ තොරතුරු දින 14 ඇතුළත ලබා දීම සිදුකළ යුතු වේ. ඉල්ලා සිටින තොරතුරු නොදී සිටීමට හෝ වසන් කිරීමට යම් නිලධාරියකු උත්සාහ කරන්නේ නම් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. එසේ ඉල්ලන තොරතුරු සම්බන්ධයෙන් කිසියම් ගැටලූකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එවැනි අවස්ථාවක අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනා නිලධාරීන්ද පත් කර ඇති අතර එයින්ද සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචනාධිකරණයට යාමේ අවස්ථාව පුරවැසියන්ට මෙම පනතෙන් හිමි වී තිබේ. පෙබරවාරි 03 වන දා සිට වසර 10 ක අතීත තොරතුරු ලබාගැනීමේ අවස්ථාව මෙහිදී ජනතාවට හිමි වේ.
මෙහිදී පුරවැසියන් විසින් ඉල්ලා සිටින තොරතුරු සැපයීමේදී එ්වා සඳහා ගාස්තු අයකිරීමේ ක්‍රමවේදයක්ද සකස් කර ඇති බව සඳහන් වේ. එ් අනුව අදාළ තොරතුරුවල පළමු කොළ දෙක (පිටු හතර) නොමිලේ ලබාදෙන අතර වැඩිවන සෑම පිටුවකටම රුපියල් දෙක බැගින් අයකිරීමට රජය තීරණය කර ඇත. ඡායා පිටපතක් අවශ්‍ය නම් ඊට ගෙවීමක් සිදුකළ යුතු අතර සී.ඩී. තැටියක ගබඩා කර ගත යුතු නම් ඊට රුපියල් 20 ක මුදලක් ගෙවිය යුතු වේ.
ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත නව වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියාව තුළ එයට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.

Share this Post