චීනයේ සයිනොෆාර්ම් එන්නත මිලියන 14 ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

මෙම එන්නත්වලින් මිලියන 3 ක ප්‍රමාණයක් මාසයක් ඇතුළත ලංකාවට ලබා දෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසා ඇත.

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දෙන එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබන අඟහරුවාදා (27) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බවද චීන තානාපති කාර්යාලය පවසා සිටී.

Share this Post