ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉදිරි සති දෙක තුළ Sputnik V කොවිඩ්-19 එන්නත් මාත්‍රා 65,000 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සඳහන් වේ.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් 15,000 ක පිරිසක් සඳහා එම එන්නත් මාත්‍රාවලින් කොටසක් යොදා ගැනීමට රජය අදහස් කර ඇත. ඉතිරි එන්නත් මාත්‍රා 50,000 න් මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව මේ පිළිබඳ අදහස් දක්වමින් හමුදාපතිවරයා පවසා ඇත.

Sinopharm එන්නත මාත්‍රා ලක්ෂ පහක් ලබන අඟහරුවාදා(25) වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති අතර මෙය එම එන්නත ලබාගත් කොළඹ දිස්ත්‍රික්කයේ 595,000 කට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට වෙන් කෙරෙනු ඇත. Sinopharm එන්නත මාත්‍රා ලක්ෂ 30 ක් ජූනි මාසයේදී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

එසේම මේ වන විට ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 13 ක් ශ්‍රී ලංකාව ඇණවුම් කර ඇතැයි පැවසේ.

Share this Post