ශ්‍රී ලංකාව තුළ කොරෝනා තෙවන රැල්ල පැතිර යෑමට පටන් ගැනීමත් සමග ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට රජය පියවර ගත් අතර මෙය මැයි 21 වැනි දින සිට මැයි 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බව ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනය කෙරුණි.

මෙසේ තාවකාලිකව අත්හිටුවන ලද ගුවන් මගීන්ගේ පැමිණීම  ජූනි 01 දින සිට නැවතත් ආරම්භ කිරීමට කටයුතු කරන බව එම අධිකාරිය සඳහන් කර සිටී.

මෙහිදී ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයක එකවර රැගෙන යා හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75 ක් ලෙස එම අධිකාරිය නිර්දේශ කර ඇත. මෙසේ පැමිණෙන ගුවන් මගීන් දින 14 ක කාලයක් තුළ ඉන්දියාවේ සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් නොවිය යුතු අතර මෙම ගුවන් මගී තහනම ඉන්දීය මගීන් සඳහා දිගටම ක්‍රියාත්මක වන බව ගුවන් සේවා අධිකාරිය පවසයි.

එසේම ජූනි 01 දායින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් දින 14 ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වීම අනිවාර්යය වන අතර ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව සහ වීසා ලබා තිබීම අනිවාර්යය වේ.

Share this Post