පෞද්ගලික රෝහල්වල වෛද්‍ය චැනලින් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 2000 ක් බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා සිටියි. ඊයේ (21 දා) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදී.

පෞද්ගලික රෝහල්වලදී වෛද්‍යවරයකු අවම වශයෙන් විනාඩි 10 ක කාලයක් රෝගියෙකු පරීක්ෂා කිරීම වෙනුවෙන් ගත යුතු බවත් ශල්‍යකර්මයකට භාජන කළ රෝගියෙකු අසල අදාළ වෛද්‍යවරයා පැයක කාලයක් රැඳී සිටිය යුතු බවත් මෙහිදී ඇමතිවරයා පැවසීය. විශේෂයෙන්ම රෝගියෙකුට ශල්‍යකර්මයක් කර අවසන් වූ විටම වෙනත් රෝහල් කරා අදාළ වෛද්‍යවරයා යෑම නොකළ යුතු බවත් මේ නීති රීති කඩ කළහොත් අදාළ පෞද්ගලික රෝහලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමති පවසයි.

රසායනාගාර පරීක්ෂණ සඳහාද මිල නියම කිරීමක් කර ඇත.

Share this Post