රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මෝටර් රථ ගෙන්වීමේ සහනය නැවතත් ලබාදීමට රජය තීරණය කර ඇත. නැවතත් සංශෝධනය කළ මෙම ක්‍රමයට අනුව මෝටර් රථයක උපරිම මිල ඩොලර් 30,000 ක සීමා කර ඇති අතර සියයට 50 ක බදු සහනයක් ඊට හිමි වේ.

මේ සඳහා අදාළ  චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පහත සඳහන් නිලයන්හි වසර 6 ක සේවා කාලයක් සම්පූර්ණ කළ පිරිසට මේ සඳහා අයදුම් කළ හැක.

රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන්, විශ්වවිද්‍යාල කුලපතිවරුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල විධායක ශ්‍රේණියේ නිලධාරීන්.

එක් නිලධාරියෙකුට තම සේවා කාලය තුළ උපරිම වශයෙන් බලපත්‍ර දෙකක් ලබාගත හැකි අතර දෙවන බලපත්‍රය හිමිවන්නේ පළමුවැන්න ලබාගෙන වසර 10 කට පසුවයි.

අදාළ අයදුම්පත මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වේ.

Share this Post