අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා තැඛෙන කාල සීමාව තුළදී මත්තල ගුවන් තොටුපොළ ගුවන් ගමන් සඳහා යොදාගන්නා ලෙස රජය සියලූම විදේශීය ගුවන් සමාගම්වලින් ඉල්ලීම් කර ඇත. එහෙත් මෙම ඉල්ලීම ගුවන් සමාගම් 45 ක් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටී.
පක්ෂීන් සංක්‍රමණය වන ප්‍රදේශයක මත්තල ගුවන් තොටුපොළ පිහිටා තිබීම නිසා ආරක්ෂාව පිළිබඳ ගැටලූ මතුවිය හැකි හෙයින් මත්තලට පැමිණිය නොහැකි බව එම ගුවන් සමාගම් පවසා ඇත.
මත්තල ගුවන් තොටුපොළ පිළිබඳව අදහස් දක්වා ඇති නියෝජ්‍ය ඇමතිවරයා පවසා ඇත්තේ දිගින් දිගටම පාඩු ලැබීම නිසා එම ගුවන් තොටුපොළ පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි. මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 30 ක් බවත් එහි වියදම රුපියල් ලක්ෂ 250 ක් බවත් ඊට අමතරව සෑම මාසයකම රුපියල් කෝටි 30 බැගින් වූ ණයක් අවුරුදු දහයක් පුරා ගෙවීමට ඇති බවත් ඔහු පවසා සිටී.
එමෙන්ම මේ වන විට මත්තලට පැමිණෙන්නේ ගුවන් යානා දෙකක් පමණක් බවත් අනෙකුත් ජාත්‍යන්තර ගුවන් සමාගම් එහි පැමිණීමට අකමැති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.
කෙසේ වුවත් කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථය වසර 20 කින් අලූත්වැඩියා කර නොමැති නිසා එය අලූත්වැඩියා කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති හෙයින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් වියදම් කරමින් කටුනායක ධාවන පථය සංවර්ධනය කිරීමට රජය මේ වන විට සැලසුම් සකස් කර ඇත. මේ සඳහා 2017 ජනවාරි 05 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වා දිනකට පැය 8 ක කාලයක් කටුනායක ගුවන් තොටුපොළ වසා තැබීමට නියමිත වේ. මේ වන විටත් සතියකට පැය 4 ක කාලයක් ගුවන් තොටුපොළ නඩත්තු කටයුතු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දමනු ලැබේ.

Share this Post