රටවල් 140 ක් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලැබූ CAF World Giving Index, සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ලොව සිටින ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතරින් සියයට 61 ක් නාඳුනන අයට වුවත් උදව් උපකාර කිරීමට සූදානම්ව පසුවන්නන් බවත්, සියයට 61 ක් තමා සතු මුදල් වුවත් පරිත්‍යාග කිරීමට සූදානම් වූවන් බවත්, සියයට 49 ක් අන් අය වෙනුවෙන් තම කාලය ශ්‍රමය ස්වේච්ඡාවෙන්ම සැපයීමට ඉදිරිපත් වන්නන් බවත් එම වාර්තාව හෙළිදරව් කර සිටී.
ලෝක ත්‍යාගශීලී දර්ශකයේ පළමු ස්ථානය මියන්මාරයට හිමි වී ඇති අතර ඉහත කරුණු සඳහා පිළිවෙළින් ඔවුන් ලබාගෙන ඇති ලකුණු ප්‍රතිශතය සියයට 63, 91 සහ 55 ලෙස දර්ශකයේ දැක්වේ. දෙවන ස්ථානයට ඇමරිකා එක්සත් ජනපදයත්, තෙවන ස්ථානයට ඕස්ට්‍රේලියාත් හතරවන ස්ථානයට නවසීලන්තයත් පත් වී ඇත.
මෙම දර්ශකයේ කැනඩාව හිමිව ඇත්තේ හයවන ස්ථානයයි.

 

index

 

 

 

Share this Post