පුද්ගලයන් 29 දෙනෙකු සමග ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. මෙහි කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සිට ඇත.

බෙංගලා බෝක්කේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මීට හේතුව වී ඇති බව පැවසෙන අතර එම ගුවන් යානය චෙන්නායිහි තම්බරම් ප්‍රදේශයේ සිට ගුවන් ගත කරනු ලැබූවකි.

මෙම A.N. – 32 යානය අන්දමන් හා නිකොබා දූපත් වෙත පියාසර කරමින් තිබියදී පෙරවරු 8.45 ට පමණ රේඩාර් පද්ධතියෙන් බැහැර වී ඇත.

මේ වන විට මෙම යානය සෙවීම සඳහා ඉන්දීය බලධාරීන් කටයුතු ක්‍රියාත්මක කර ඇත.  මෙවැනි ගුවන් යානයකට ඉන්ධන නොමැතිව පැය 4 ක කාලයක් පියාසර කළ හැකි බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.

Share this Post