අගෝස්තු මස 01 වන දින සිට ලංගම බස් ගාස්තු සියයට 6 කින් ඉහළ දැමීමට කටයුතු කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී.

ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික වැඩපිළිවෙළ වශයෙන් මේ වන විටත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බවත් මෙම වැඩ පිළිවෙළ යටතේ සේවකයන් දෙදහසක් පමණ විශ්‍රාම ගැන්වීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වේ. මීට අමතරව දැනට ලංකාව පුරා ඇති ඩිපෝ 104 ක ප්‍රමාණය 50 දක්වා අඩු කිරීමේ අදහසක්ද පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලංගම සේවක වැටුප් සඳහා සෑම මසකම රුපියල් කෝටි එකසිය තිස්පහක් රජයේ භාණ්ඩාගාරයෙන් ලබාගත යුතුව පවතින බවත් එවැනි බරක් රජයට නොදී ලංගම ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මේ ආකාරයේ තීරණ ගත යුතුව ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

Share this Post