එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් ලොව ප්‍රමුඛ පෙළේ බැංකු 1000 ලැයිස්තුවට ‘ලංකා බැංකුව’ ඇතුළත් කර ඇත. ලොව ප්‍රමුඛ බැංකුකරණ සහ මූල්‍ය සඟරාවක් ලෙස 1926 වසරේ සිට කටයුතු කරන ‘ද බෑන්කර්’ සඟරාව මෙම ලැයිස්තුව සෑදීම සඳහා ලෝකයේ සෑම රටකම සියලුම ප්‍රධාන බැංකුවල විස්තීරණ මූල්‍ය දත්ත තොරතුරු, තොරතුරු සැපයුම් සහ විධායක ඇමතුම් දත්ත ආදිය සැලකිල්ලට යොමු කරනු ලබයි.

‘ලොව ප්‍රමුඛ බැංකු 1000 අතරට එක් වූ ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව බව’ ද බෑන්කර් සඟරාවේ 2016 ජූලි කලාපයේ සඳහන් කරයි.

Share this Post