මත්තල ගුවන් තොටුපොළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිට් රිජන්සි හෝටලය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන 7 ක් එකවර විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇති බව වාර්තා වේ.

මෙම සියලුම විකුණුම් කොටස් වෙළඳපොළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට තීරණය කර ඇත.

මේ ආයතන අතරින් මත්තල ගුවන් තොටුපොළ විකිණීමට අදාළ මිල ගණන් සඳහා අයදුම්පත් අගෝස්තු 12 වන දා දක්වා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි රජය පවසයි.

මත්තල ගුවන් තොටුපොළ විකිණීම සඳහා මිල ගණන් කැඳවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ෆෝබ්ස් වෙබ් අඩවියේස සඳහන් වී ඇති අතර එහි පළ වූ වාර්තාව මෙහි දැක්වේ. 

Share this Post