ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (01 දා) සිට බස් ගාස්තු සංශෝධනය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය වී ඇත.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වූ අතර මීට අනුව සියට 6 න් බස් ගාස්තු ඉහළ නැගීම සිදු කර ඇත.

රුපියල් 8 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා ඉහළ දමා ඇති අතර රුපියල් 15 ගාස්තුව රුපියල් 16 ක් ලෙසත් 18 ගාස්තුව 20 ක් ලෙසත් ඉහළ ගොස් ඇත. නමුත් රුපියල් 12 ගාස්තුව කිසිදු වෙනසක් කොට නැත.

කොළඹ – මහනුවර සුඛෝපභෝගී බස් ගාස්තුව රුපියල් 300 ක් වේ.

මෙම මිල වැඩිවීමත් සමග අධිවේගී මාර්ගවල බස් ගාස්තුද වැඩිකර ඇති අතර මහරගම – ගාල්ල දක්වා තිබූ රුපියල් 375 නව සංශෝධනයෙන් 390 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මහරගම මාතර ගාස්තුව පෙර තිබූ මිල රුපියල් 445 ක් වූ අතර නව මිල රුපියල් 470 කි.

නව මිල සංශෝධන මෙසේය

bus2

Share this Post