තුර්කි හමුදාවේ කැරලිකාර පිරිසක් විසින් රාජ්‍ය බලය ඇල්ලීමට කරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ කළ බව තුර්කියේ වැඩ බලන හමුදාපති ජනරාල් Umit Dundar පවසා සිටී.

මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ. අත්අඩංගුවට පත් වූ පිරිස අතර හමුදා ජෙනරාල්වරුන් සහ කර්නල්වරුන්ද සිටින බවද එම වාර්තාවල දැක්වේ.

සිකුරාදා (15 දා) රාත්‍රියේදී තුර්කියේ බලය අල්ලා ගත් බවට එරට හමුදා කණ්ඩායමක් රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ප්‍රකාශ කර තිබූ අතර ඉස්තාන්බුල් හා අන්කාරා යන නගරවල ප්‍රධාන ස්ථාන කිහිපයකම සිය බලය පැතිරවීමට ඔවුන් සමත් වී තිබුණි.

මෙම කැරළිකාර හමුදා සොල්දාදුවන් පිරිස යුද ටැංකි සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ආණ්ඩු බලය අල්ලා ගැනීම සඳහා කුමන්ත්‍රණය දියත් කරනු ලැබුණි. මෙහිදී සිදුකරන ලද වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාරයන් නිසා අන්කාරා සහ ඉස්තාන්බුල් නගර යුද පිටියක් මෙන් දිස් විය.

එහිදී ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 181 දෙනෙකු මියගොස් ඇති අතර 1100 වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

 T1

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නිදහස සුරැකීම සඳහා තුර්කි ආණ්ඩුවට විරුද්ධව මෙම කුමන්ත්‍රණය  සිදුකළ බව කැරලිකාර හමුදා කණ්ඩායම පවසා ඇත.

T3 T4

මෙම කුමන්ත්‍රණය සිදුවන අවස්ථාවේදී‍ තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිටි එරට ජනාධිපති Tayyip Erdogan, සිය ජංගම දුරකථනය මගින් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් – වීදි බැස ආණ්ඩුවට එරෙහි කැරැල්ල පරාජය කරන ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේම ඉස්තාන්බුල් කරා පැමිණ ඇති බවත් අනතුරුව ඔහු සිටි නිවාඩු නිකේතනයටද බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බවත් වාර්තා වේ.

මේ ආකාරයට ආණ්ඩුව පෙරළීමට ගත් උත්සාහය රාජද්‍රෝහී ක්‍රියාවක් බවත් මෙයින් පැහැදිලි වන්නේ තුර්කි හමුදාවෙන් ඉවත් කළ යුතු කණ්ඩායමත් සිටින බවත් යැයි ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා පවසනු ලැබුණි.

T

T2

 

Share this Post