අඩු ආදායම් ලබන ජනතාවට හා ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත බල ගැන්වීමට රජය කටයුතු යොදා ඇත. ඒ අනුව පසුගිය ජූලි 11 වනදා මෙයට අදාළ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කොට ඇත.

ජාතික ප්‍ර‍තිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා  වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද නියෝගයක් අනුව මෙම ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක කෙරේ.

මෙම පනත බලාත්මක වීමෙන් කූට ව්‍යාපාරිකයන්ට ජනතාව හසු  වීම නවතිනු ඇති බවත් මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ස‍ඳහන් වේ. පසුගිය කාලයේ නිසි නෛතික රාමුවක් නොතිබුණු නිසා ක්ෂුද්‍ර ණය මුවාවෙන් සක්විති, දඬුවම් මුදලාලි වැනි කූට ව්‍යාපාරිකයන් බිහිවීම තුළින් ජනතාව අසරණ වී මුලාවට පත් වූ බවත් මින් පසු එවැනි අක්‍රමිකතා සිදුවීමට ඉඩක් නොතබන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Share this Post