ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අවශ්‍ය මිල සූත්‍රයක් ගෙන ඒමේ සූදානම් පිළිබඳ වාර්තා වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළින් ගෙන ඒමට සූදානම් වන මෙම මිල සූත්‍රය අගෝස්තු මස අවසන් වීමට පෙර ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත.

මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග සාධාරණ මිලකට ලබාදීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාව සෑම වසරකම ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 58 ක් පමණ වැය කරයි. ලංකාව තුළම අවශ්‍ය ඖෂධ වර්ග නිෂ්පාදනය කර ගැනීමේ වැඩ පිළිවෙළක් ඇතොත් මේ මුදල ඉතිරි කරගත හැකි බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත. ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන ලබන වසර 2 ඇතුළත ලංකාවට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට කටයුතු කිරීමේ සූදානමක් පවතින බව අමාත්‍යවරයා පවසා සිටී.

 

 

Share this Post