දකුණුදිග ඉතාලියේ මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 27 දෙනෙකු මියගොස් 52 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.  ‍වෙරළ කලාපයේ  Andria සහ Corato යන නගර අතරදී ජූලි 12 වනදා  මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී පැයට කිලෝමිටර 100 ත් 110 ත් අතර වේගයකින් එම දුම්රිය දෙකම එකම දුම්රිය මාර්ගයේ ගමන් කොට ඇති බව පැවසේ.

අනතුරින් දුම්රිය දෙකටම දැඩි හානි සිදුවී ඇති අතර සුන්බුන් අතර සිර වූවන් මුදා ගැනීම සඳහා දැඩි පරීශ්‍රමයක් දැරීමට සිදුවී ඇත.

මෙම අනතුරට හේතුව දුම්රිය මාර්ග සංඥා පද්ධතියේ දෝෂයක් බව මේ වන විට හෙළිදරව් වී ඇත. එම අනතුර සිදුවූ ස්ථානයට ඉතාලි අගමැති Matteo Renzi ද පැමිණ ඇති අතර එම මාරාන්තික අනතුර සිදුවූ ආකාරය පිළිබඳව සියලු තොරතුරු ඉක්මනින් සොයා බලා ඊට වගකිව යුත්තන් පිළිබඳව නිසි පියවර ගැනීමට ඔහු පොරොන්දු වී ඇත.

සංඥා පද්ධතියේ වරද මිනිස් අත්වැරැද්දක්දැයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් මේ වන විට අරඹා ඇති බව ඉතාලි බලධාරීන් පවසා සිටී.

 

italt tr 2      

italt tra 3

Share this Post