ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අනුශාසනා පැවැත්වීමට බංග්ලාදේශ බලධාරීන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව  බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලිවල සිකුරාදා (ජූලි 16) යාඥා මෙහයයෙන් පසුව මෙම උපදේශන ලබාදෙන ලෙස එරට  ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් පවසා ඇත. මෙම විශේෂ දේශනය සියලුම ඉමාම්වරුන්ගේ අවධානය යොමු කොට පවත්වනු ඇතැයි එම පදනම විශ්වාසය පළ කොට සිටී.

නබි නායක තුමා විසින් කළ ප්‍රකාශයක සඳහන් වන ‘ඉස්ලාම් ධර්මයට අනුව යමෙකුට සිදුකළ හැකි විශාලතම පාපය මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීමයි’ යන්න තේමා කොටගෙන මෙම විශේෂ දේශනාව සැකසී ඇතැයි පැවසේ. එහි තවත් වැදගත් කරුණක් සඳහන්ව ඇති අතර ‘දරුවන්ගේ මනස විකෘති කිරීමට බාහිර පාර්ශවවලට ඉඩ නොදෙන ලෙස’ ඉන් දෙමවුපියන්ට දැඩිව අවවාද කෙරේ.

පසුගියදා ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් බංග්ලාදේශයේ ඩකාහි ආපනශාලාවකට සහ කිශෝර්ගොන්ජ් ප්‍රදේශයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පසු එරට රජය මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

Share this Post