අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන මගින් ලිංගිකව හෝ වෙනත් ආකාරයට හිරිහැර හිංසා අඩම්තේට්ටම්වලට ලක් වී ඇති දරුවන්ට හා යෞවනයන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැන් සලසා ඇත. මේ සඳහා නවතම දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර 0773220032 ලෙස එය දැක්වේ.

මේ අංකය ඔස්සේ ඇමතීමෙන්, කෙටි පණිවිඩ එවීමෙන් හෝ what’s App වයිබර් IMO ආදි දුරකථන යෙදවුම් මගින් මෙම පැමිණිලි ඉදිරිපත් කළ හැක.

මෙම දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතී.

අපයෝජනයට පත්වන ළමුන් සඳහා විශේෂ උපදේශන සේවාවන් මෙන්ම දරුවන්ගේ කැමැත්ත පරිදි නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පහසුකම්ද මෙම වැඩසටහන යටතේ සලස්වා ඇති බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය පවසා සිටියි.

Share this Post