මේ වන විට ලෝකය යුද තත්ත්වයක පවතින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටී. පෝලන්තයේ සිදුකරන සංචාරයක් අතර තුරදී මාධ්‍යවේදීන් පිරිසක් සමග Krakow වෙත ගුවනින් යමින් සිටියදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකොට ඇත.

ප්‍රංශයේ නොමන්ඩි දේවස්ථානයේ පූජකවරයාගේ ඝාතනය සහ මෑතකදී ලෝකයේ තැනින් තැන සිදුවූ මනුස්ස ඝාතන පිළිබඳව මෙහිදී පාප් වහන්සේ දැඩි ලෙස අවධාරණය කර ඇති අතර මේ ඝාතන හා විනාශ සම්බන්ධව නොයෙක් නොයෙක් වචන භාවිත වුවත් මේ සඳහා නියම වචනය යුද්ධය යැයිද උන්වහන්සේ පැවසීය. ලොව පුරා සාමය අතුරුදහන්ව ඇති නිසා මෙවැනි යුද තත්ත්වයක් හටගෙන ඇති බවත් ඒ පිළිබඳව එළිපිට කතා කිරීමට බිය නොවිය යුතු බවත් උන්වහන්සේ පවසයි.

‘මෙය ආගමක් සඳහා කරන යුද්ධයක් නෙවෙයි. කැමැත්ත සහ අකමැත්ත අතර යුද්ධයක්. මුදල් සඳහා වන යුද්ධයක්. ස්වභාවික සම්පත් සඳහා වන යුද්ධයක්. ජනතා ආධිපත්‍ය සඳහා වන යුද්ධයක්. මේක තමයි යුද්ධය.’ ‘ඔබට තේරෙනව නේද මේ දේ… සෑම ආගමකටම සාමය ඕනෑ. යුද්ධය ඕනෑ අනික් පිරිසටයි’.

පාප් වහන්සේගේ පෝලන්තයේ දින පහක කාලයක් සංචාරය කිරීමට නියමිතව ඇත.

Share this Post