[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469293260349-aa04dc89-e45f-0″ include=”1233″][vc_column_text]

මේඝයක් සේ

මේඝයක් සේ හුදෙකලා වී
නීල අම්බරයේ නීල අම්බරයේ
නොදැන මග තොට බලා වට පිට
අයාලේ යන ගමන කොතැනටදෝ

මේඝයක් සේ හුදෙකලා වී....

පෑල දිග රතු සිතිජ රේඛාවේ
බුර බුරා නැගි අග්නි ජාලාවේ
දැවී අළු වී යාද මා
අතරමං වී ඇදෙන මේ ගමනේ

මේඝයක් සේ හුදෙකලා වී....

කෘර ව්‍යාකුල චන්ඩ මාරුතයේ
ගසාගෙන ගොස් ගැටී ගිරි මුදුනේ
වහා සුන් වී යාද මා
අනන්තය ඇස ගැටෙන මතු දිනයේ

මේඝයක් සේ හුදෙකලා වී....

ගායනය - නන්දා මාලනී
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

[/vc_column_text][vc_media_grid grid_id=”vc_gid:1469294053262-ec523d8c-ca09-1″ include=”1233″][vc_column_text]

මිහිමඬලේ අඳුරු කුසේ

මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා

නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා

සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා

මිහි මඬලේ අඳුරු කුසේ...

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා
උදාගිරෙන් ලොවට වඩින
ලහිරු මඬල අම්මා

මිහි මඬලේ අඳුරු කුසේ...

ගායනය - නන්දා මාලනී
පද රචනය - ඩබ්ලිව් ඒ. අබේසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

[/vc_column_text][vc_media_grid grid_id=”vc_gid:1469294213138-fa816b37-f4e3-5″ include=”1233″][vc_column_text]

කප් සුවහස් කල්

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා 

සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

ගායනය - නන්දා මාලිනී
සංගීතය - ජයතිස්ස අලහකෝන්
ගී පද - රත්න හෙක්ටර් දිසානායක

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469293395130-c3ddc925-485f-0″ include=”1233″][vc_column_text]

රන් කෙන්දෙන් බැඳ

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි

කිරිලිය සේ දුර පියා සලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදා හල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජිතයම මගේ

රන් කෙන්දෙන්....

කණාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ

ගායනය - නන්දා මාලිනී
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
'දුහුල් මලක්'  චිත්‍රපටයෙන්

[/vc_column_text][vc_media_grid grid_id=”vc_gid:1469294058766-83127855-213a-3″ include=”1233″][vc_column_text]

මගේ සඳ ඔබ

මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....

එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකලු කරමින්
උදාවිය ගිරි ශිඛර සිරසේ

මගේ සඳ ඔබ...

මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියලි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ

මගේ සඳ ඔබ...

ගායනය - නන්දා මාලනී
සංගීතය - රෝහණ වීරසිංහ

[/vc_column_text][vc_media_grid grid_id=”vc_gid:1469294380047-8beb4333-fbd5-9″ include=”1233″][vc_column_text]

ජීවිතේ කවියක්

ජීවිතේ කවියක්
ආදරේ... සොඳුරු තම වදනක්
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්
එකට එක්වූ විට දැනෙයි
පෙර නොවිදි රසයක්

පසුපසින් හබා එන අතවර
හැරදමා
යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා
හැඟුම් මත දිව මැවී කවිකම
ජීවිතේ කවියක්...

සෙනෙහසින් රැදී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතක
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ
කවුරු නම් ළං වේද තනියට

ජීවිතේ කවියක්...

ගායනය : නන්දා මාලනී
'ගජමන් නෝනා' ටෙලිනාට්‍යයෙන්

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post