බ්‍රිතාන්‍ය අගමැති ලෙස වසර 6 ක් කටයුතු කළ ඩේවිඩ් කැමරන් ඉවත්ව යෑමත් සමග බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය ලෙස කටයුතු කළ Theresa May අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවන වරටත් අගමැතිවරියක යටතේ පාලනය කෙරෙනු ඇති අතර බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිවරිය වූයේ මාග්‍රට් තැචර් මහත්මියයි. පසුගිය ජූලි 14 වෙනිදා නව අගමැතිවරිය බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින හමුවී අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව වැඩ භාරගනු ලැබුණි.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව  අගමැති නිල නිවස වෙත ආ තේරේසා මේ නව අගමැතිනිය ජාතිය අමතමින් සිදුකළ කතාවේදී පවසා සිටියේ ‘යහපත් බ්‍රිතාන්‍යයක්’ ගොඩ නැගීමට තමන් කැප වෙන බවයි.

Share this Post