ජංගම දුරකථන ක්‍රීඩකයනි, මැසේජස් ලෝලියනි, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, ෆේස්බුක් වැසියනි ප්‍රවේසමෙන්. ඔබද අන් අයද අනතුරේ දමන මහමඟ ජංගම දුරකථන සෙල්ලම් ටොරොන්ටෝ නගර සභාව විසින් තහනම් කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමට මේ දිනවල අවධානය යොමුකර ඇත.

නාගරික මාර්ග ආරක්ෂණ සැලසුම් පිළිබඳව ටොරොන්ටෝ නගරසභාව තුළ පසුගියදා පැවති දීර්ඝ විවාදයක් අවසාන වූයේ මේ සඳහා මෝසමක් සම්මත කර ගැනීමෙනි. ඇතැම් නාගරික මන්ත්‍රීවරුන්ගේ සිනා මධ්‍යයයේ සම්මත වුණු මේ මෝසමෙන්, ටොරොන්ටෝ නාගරික සීමාව තුළ ජංගම දුරකථන භාවිත කරන පදිකයින්ට තහනම් නියෝග පැනවීමේ අවකාශයන් පිළිබඳව නිල වශයෙන් සොයා බැලෙනු ඇත.

නගරසභා විසින් ගෙන එනු ලැබූ මෙම නව සංශෝධනය ඔන්ටේරියෝ ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමට නියමිතව ඇත. එහිදී zඕනෑම මාර්ගයක ගමන් ගන්නා අවස්ථාවකදී රැහැන් රහිත සන්නිවේදන උපකරණයක් හෝ අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපාංගයන් භාවිතය තහනම් කිරීමZ මහා මාර්ග රථවාහන පනතට ඇතුළත් කිරීම පිළිබඳව විමසා බැලෙනු ඇත.

ටොරොන්ටෝ මාර්ග අනතුරුවලින් බහුතරයක් ජංගම දුරකථන හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය නිසා සිදුවන එAවා බවද විශේෂයෙන්ම ඉයර්ෆෝන් ආදිය පැළඳ ඊට අවධානය යොමුකරගෙන යාම නිසා අනතුරු බහුල වී ඇති බවද ඔන්ටේරියෝ ප්‍රධාන හදිසි මරණ පරීක්ෂකවරයා පවසා සිටී.

ටොරොන්ටෝ මාර්ග ආරක්ෂණ සැලසුම් වෙනුවෙන් ඉදිරි වසර 5 ක කාලය සඳහා නගරසභාව විසින් ඩොලර් මිලියන 80 ක් වෙන් කීරීමට කටයුතු යොදා ඇති අතර එහිදී මහාමාර්ගවල සිදුවන මාරන්තික අනතුරු අවම කිරීමට ප්‍රධාන වශයෙන් කටයුතු යෙදීමට අදහස් කෙරේ. විශේෂයෙන්ම ටොරොන්ටෝ ඩවුන්ටවුන් මධ්‍යයේ ඇති ප්‍රධාන මාර්ගයන් කිහිපයකම වේග සීමාවන් අඩු කිරීම පිළිබඳවද අවධානය යොමුවී ඇත. ප්‍රධාන හරස්මාර්ග හුවමාරුවල පදිකයන්ට මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද විශේෂිත ආරක්ෂිත කලාප ඇති කිරීමටද අදහස් කෙරේ.

 

Share this Post