පසුගියදා රජය පැන වූ වැට් බදු සංශෝධනයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා පැනවූ සියයට 15 ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව ඊට අදාළ නියෝගය එම දෙපාර්තමේන්තුව විසින් සියලුම පෞද්ගලික රෝහල් බලධාරීන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ.

එයට අනුව පෞද්ගලික රෝහල් ගාස්තු , වෛද්‍ය ගාස්තු සහ වෛද්‍ය පර්යේෂණ වෙනුවෙන් අය කළ සියයට 15 වැට් බද්ද සම්පූර්ණයෙන් අහෝසි වනු ඇති.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, පසුගියදා රජය පැනවූ වැට් බද්ද නිසා පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගන්නා රෝගී ජනතාව දැඩි අසීරුවට පත්වීම ගැන රජයට දැඩි විවේචන එල්ල වූ බවත් මේ දක්වා ඊට නිහඬ පිළිවෙතක් අනුගමනය කළ රජය ඉදිරියේදී එම වැට් බද්ද ඉවත් කිරීමට තීරණය කළ බවත්ය.

Share this Post