ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා Save the Children ආයතනය විසින් රුපියල් මිලියන 270 ක මුදලක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දී ඇත.

2016-2018 වසර සඳහා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම මුල් ළමාවිය සංවර්ධනය, ළමා අයිතිවාසිකම් පදනම් කරගත් පාලනය හා ළමා ආරක්ෂාව, ආයතනික සංවර්ධනය, මෙහෙයවීම, ඇගැයීම, වගවීම හා පාඩම් උගෙනීම යන ප්‍රධාන උපාය මාර්ගයන් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙනු ඇති බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනිය පැවසීය.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා වූ විශේෂ පස් අවුරුදු ව්‍යාපෘතියක් මේ වන විටත් ලෝක බැංකු ආධාර යටතේ මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇත.  එමඟින් ක්‍රියාවට නංවා නොමැති කාර්යයන් ඉටු කිරීමටත්, ළමා ලේකම් කාර්යාලය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ඉටුකිරීමට ඇති ප්‍රමුඛතා හඳුනාගෙන ඇති ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිව තිබු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටත් මෙම ප්‍රතිපාදන යටතේ ඉඩ ලැබෙනු ඇත.

Share this Post